ජනප්‍රිය රංගන ශිල්පී පියුමිට දුවෙක් ඉන්නවා ඇය සියල්ල හෙළි කරයි
ජනප්‍රිය රංගන ශිල්පී පියුමි බොතේජු පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය පුරාවටම එක් කතාවක් සංසරණය වෙනවා.ඒ ඇයට විදෙස් රටක දියණියක් සිටිනවා කියන කතාවයි. ඉතින් මේක ඇයට ආදරය කරන රසිකයන්ට ලොකු ගැටලුවක්.
හේතු ඇය විවාහයෙන් වෙන්වෙලා තනිකඩව ඉන්නන කෙනෙක්.ඉතින් එහෙම කෙනෙක්ට දුවෙක් ඉන්නේ කොහොමද කියලත් අහන්න පටන් ගත්තා.
ඉතින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් පියුමි කරලා තිබුණේ පහත ආකාරයට.
“මගේ දුව ගැන තමයි ඔය අහන්නේ. එයා ආන්ජනී ගුණසේකර. එයාව මට මුලින්ම හම්බුණේ 2018දී. එතකොට වයස අවුරුදු 8ක් වගේ. මම ඔස්ට්‍රේලියාවේ සංචාරයකට ගිය වෙලාවක අපිට ලැබුණු රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර තමයි මේ දුවව මට මුලින්ම නෙත ගැටුණේ. එදා ඇවිත් හිටිය ළමයි එකට එකතුවෙලා සෙල්ලම් කරනවා කෑ ගහනවා නටනවා. හැබැයි මම දැක්කා එක කළු පොඩි කෙල්ලෙක් මගේ දිහාම බලනවා. මමත් අත වැනුවා.
අපිට මේ සමාජයේ ජීවත් වෙද්දී අප්‍රමාණ මිනිස්සු මුණ ගැහෙනවා. හැබැයි අපිට සමහර මිනිස්සු දැනෙන විධි වෙනස් වෙනවා. එකිනෙකා එක්ක ඇතිවෙන බැඳීම් වෙනස් වෙන්නේ ඒ කෙනා අපිට දැනෙන විදිය එක්ක. එදා මේ පොඩි කෙල්ල මගේ හිත හොරකම් කළා. බැලින්නම් මේ පොඩි දුවගේ අම්මව ඊට දවස් දෙකකට කලින් මා එක්ක කතා කරලා තියෙනවා. දවසක් මම එයාලගේ ෂොප් එකට ගියා.
එදා මට කූල් බිම එකක් ගන්න කිවුවම මම එපා දැන් මට බොන්න බැහැ කිවුවම මේ පොඩි කෙල්ල මට කියනවා අපි දෙන්නා ෂෙයාර් කරමු කියලා. එයාගේ අම්මා අනු අක්කා අද මගේම සහෝදරියක් වෙලා. අක්කා කෙනෙක් නැති මට එයා මගේ ජීවිතේ හමුවුණු හොඳ සහෝදරියක්. එයාගේ දුව තමයි මේ ආන්ජනී ගුණසේකර.
එදා ඉඳන් මම ලංකාවට ආවත් වට්සැප් එකෙනුත් අපි දෙන්නා කතා බහ කරනවා. ගිය අවුරුද්දේ එයා ආවා මාව සප්‍රයිස් කරන්න ලංකාවට. ඒ එද්දී මම දැක්කේ අම්මගේ උසටම උස ගිය ලොකු කෙල්ලෙක්. මට එක පාරට අඳුනගන්නත් බැරි වෙනවා. එදා මම හිතා ගත්තා මමත් දවසක දුවව සප්‍රයිස් කරන්න ඔස්ට්‍රේලියාවට යනවා කියලා.
ගොඩ දෙනෙක් දැන් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ ඇත්තටම ඔයාගේ දුවද කියලා. මොකද ප්‍රසංගයකුත් නැතුව සෙලිබ්‍රිටි කෙනෙක් ගිහින් ළමයෙක්ව සප්‍රයිස් කරන්නේ නැහැ කියන එකත් එක්ක එහෙම අහන්නේ. නොදන්නා පිරිසත් මගෙන් අහන දේ තමයි ඇත්තටම මේ ඔයාගේ දුවද, ඔයාගේ දුව ඕස්ට්‍රේලියාවේ ද ජීවත් වෙන්නේ කියලා අහනවා. මම හිතන්නේ අපි අතර තියෙන්නේ පෙර සසරේ බැඳීමක් කියලා. ඕක තමයි මේ දවස්වල පැතිරෙන කතාවේ ඇත්ත කතාව.”
