ලියෝ පාප් වහන්සේගෙන් විශේෂ ඉල්ලීමක්
ලියෝ පාප්වහන්සේ ඉරානයට එල්ල වූ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඇති වී තිබෙන යුදමය තත්ත්වය නතර කිරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ.
වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති ඉරිදා දේව මෙහෙයෙන් පසු, වන්දනාකරුවන් අමතමින් උන්වහන්සේ පැවසුවේ, මෙම ප්‍රචණ්ඩත්වයේ සුළිය දරුණු තත්ත්වයට පත් වීමට පෙර නතර කළ යුතු බවයි.
උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළේ, ස්ථාවරත්වය සහ සාමය ගොඩනැඟිය හැක්කේ අන්‍යෝන්‍ය තර්ජන හෝ ආයුධ භාවිතයෙන් නොව, සාධාරණ, අවංක සහ වගකිව යුතු සංවාදයකින් පමණක් බවයි.