පොළොන්නරුව සලිත කරමින් මහ පාරේ අබිරහස් මරණයක් - විමර්ශනයට පොලිස් කණ්ඩායම් කිහිපයක්

Report

පොළොන්නරුව, ගල්තඹරාව, නිශ්ශංකමල්ලපුර ප්‍රදේශයේදී 31 හැවිරිදි දෙදරු පියෙකු අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ ඊශ්වරගේ දොන් දිල්ෂාන් මධුෂංක නැමැති අයෙක් බව සඳහන්.

එමෙන්ම මියගිය අයගේ බිරිඳ පවසා ඇත්තේ, ඊයේ (30) පස්වරුවේ තම සැමියා මිතුරන් සමඟ මත්පැන් පානය කර ඉන් පසුව නිවස අසලට පැමිණ තමා සමඟ බහින්බස්වීමක් සිදුකරගෙන නිවසින් පිටව ගිය බවයි.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

ඉන් පසු රාත්‍රියේ නිවසට නොපැමිණි ඔහු, අද උදෑසන නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී සොයාගෙන තිබෙනවා. එහෙත් ඒ වන විටත් තුවාල සහිතව සිටි ඔහු මියගොස් සිටි බව බිරිඳ වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙය මත්පැන් පානය කිරීමේදී සිදුවූ ඝාතනයක්ද නැතහොත් මාර්ගයේ වැටී සිටියදී යම් රථවාහන අනතුරකට ලක්වීමෙන් සිදුවූ මරණයක්ද යන්න පිළිබඳව පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසියේ කණ්ඩායම් කිහිපයක් එක්ව වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට