ගාල්ලෙ මහ නගර සභාවේත් බලය අල්ලන්න සටනක්

SJB Sri Lanka Politician UNP National People's Power - NPP Sinhala news
By Kaushi May 12, 2025 10:30 AM GMT
Kaushi

Kaushi

Report

මේ දිනවල ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් අනිකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනිම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පැවති පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවේ බහුතරය දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. ඒ මන්ත්‍රිධුර 17ක් දිනාගනිමින්.

වෙසක් පොහොය නිමිත්තෙන් දළඳා මාලිගාවට විශාල පිරිසක්

වෙසක් පොහොය නිමිත්තෙන් දළඳා මාලිගාවට විශාල පිරිසක්

එසේම සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ද මන්ත්‍රිධුර 19ක් හිමි කර ගෙන ඇත.

 මෙම තත්ත්ව‍ය මත නගර සභාවේ බලය පිහිටුවිමේ දි බල පොරයක් නිර්මණය වි ඇති බව සඳහන්.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවිමට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය හා එජාපය විසින් විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් සිටින බවයි. 

තව ද මෙම තනතුරු බෙදා ගැනීම සම්බන්දයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මත ගැටුම් නිර්මාණය වි ඇති බව ද වාර්තා වේ.

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

බස්රියෙන් අනතුරට ලක්වූ සය මස් බිලිදාට සැත්කමක්

එහෙත් එජාපය විසින් ද කොට්ඨාශ දෙකක් සහ සමගි ජන බලවේගය විසින් ද කොට්ඨාශ දෙකක් ජයග්‍රහණය කිරීම නිසා මෙම බල සටන ඇති වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

ගාල්ල මහ නගර සභාවේ කොට්ඨාශ 21න් මෙවර පළාත් පාලන මැතිවරණයේ දි කොට්ඨාශ 17කම ජය ජාතික ජනබලවේගයට හිමි කර ගැනීමට සමත් විය.

 


ReeCha