ඉදිරි මහ මැතිවරණයේදී මොකක්ද මේ වෙන්න යන බල පෙරළිය - ප්‍රධානතම පක්ෂ දෙකක් එක් වී කරන්න යන දේ..

Report

ඉදිරි මහ මැතිවරණයක දී දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. අද (28) දිනයේ , ඒ අනුව අදාළ සාකච්ඡාවල දෙවන අදියරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ සුමන්තිරන් යන හිටපු මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

 පසුගිය සතියේ දී, මෙහි පළමු වටයේ සාකච්ඡා පැවති අතර එහිදී ඉදිරි මැතිවරණවල දී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.

ලෝකයේම අවධානය දිනා ගනිමින්, නව ජනපති අනුර, ජනපති මන්දිරයේ කෝකිවරුන් තොගයක් ආපසු යවයි..

ලෝකයේම අවධානය දිනා ගනිමින්, නව ජනපති අනුර, ජනපති මන්දිරයේ කෝකිවරුන් තොගයක් ආපසු යවයි..

කෙසේ වෙතත් මෙහිදී නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තා විය.

මේ වන විටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය පක්ෂයේ හවුල්කරුවන් වන අතර දෙමළ ජාතික සන්ධානය ද ඊට එක්කර ගැනීම පිළිබදව ද එහිදී අදහස් පළ ව තිබේ.

කෙසේ වෙතත් පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය.

මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව තරග කළහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන විශාල සංඛ්‍යාවක් ඔවුන්ට හිමිකර ගත හැකි බව මෙම පක්ෂ වල මතය වී තිබේ.  

ගෑස්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල අඩුවීමත් සමඟ, කෑම මිලට සිදුව ඇති දේ..

ගෑස්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල අඩුවීමත් සමඟ, කෑම මිලට සිදුව ඇති දේ..