බිරිඳගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිඳ සමග රට පනින්න සූදානම්ලු!

Report

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතාගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු නොවන බව පවසමින් ඇය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාළ පැමිණිල්ල විභාග කර ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලබා දී ඇති බව ඇයගේ නීතීඥවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.

මෙම පැමිණිල්ලෙන් හෙළි කර ඇත්තේ, තම සේවාදායිකාව වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳට අයත් ප්‍රාඩෝ ජීප් රථයක් බලහත්කාරයෙන් රැගෙන ගොස් භාවිත කරන බවයි.

ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි

තම සේවාදායිකාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව හෝමාගම දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ද ගොනු කර ඇති බව ඇගේ නීතීඥවරිය සඳහන් කළාය.

එම නඩුවේ සම විත්තිකාරියක ලෙස, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන මන්ත්‍රීවරියක ද නම් කර ඇති බව ඇය පැවසුවාය.

එසේම, අදාළ මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍යයේ සිටින වෙනත් කාන්තාවක හරහා පෙම්වතෙකු ලෙස ඉදිරිපත් වෙමින්, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහා වීසා ලබාගෙන මෙම සති අන්තයේ බ්‍රිතාන්‍ය බලා යෑමට සියලු සූදානම් කටයුතු කර ඇති බව නීතීඥවරිය වැඩිදුරටත් හෙළි කළාය.

සෙකන්ඩ් හෑන්ඩ් වාහන අඩුවට ගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සතුටු දායක ආරංචියක්!

සෙකන්ඩ් හෑන්ඩ් වාහන අඩුවට ගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සතුටු දායක ආරංචියක්!

ඒ නිසා, පොලිසිය වහාම මැදිහත් වී මෙම ගැටලුවට සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.