ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020 සිට 2022 දක්වා වර්ෂවල පාඨමාලා හදාරා ඇති ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා තොරතුරු රැස් කිරීම මාර්ගගත ක්‍රමය භාවිතයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, ලබන 28 වැනිදා දක්වා වන කාලය තුළ මෙම ශික්ෂණලාභීන්ට අයදුම් කිරීමට අවස්ථාව හිමි වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.