නිලධාරීන් පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත නොයන ලෙස නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තෙක් නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කර තිබේ.
ඒ අනුව අදාළ නිලධාරීන් පැමිණ නිශ්චිතව සිදු කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දැනුවත් කර නිගමනය ලබා දෙන තෙක් එනම් නිවාසවලට යා හැකි බව තහවුරු කරන තෙක් බෙහෙවින්ම අනාරක්ෂිත ස්ථානවල සිටින ජනතාව එම ස්ථානවලට නොඑන ලෙස ඔහු උපදෙස් ලබා දී ඇත.
ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයෙහි සිටි ජනතාව තවදුරටත් කඳවුරුවලම රැදී සිටින ලෙසයි.
තවද එතුමා වැඩි දුරටත් සදහන් කළේ දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 70කට නිවේදනය කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන සහ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බවයි.
එමෙන්ම වසන්ත සේනාධීර මහතා සදහන් කළේ වර්ෂාව අධිකව ලැබුණු සෑම ස්ථානයක්ම ජලයෙන් සංතෘප්ත වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේ දී වුවද නායයෑමක්, ගල් පෙරළීමක්, කන්ඩි කඩා වැටීමේ හැකියාවක් පවතින බවයි.
ඒවගේම එතුමා සදහන් කළේ පොළොවෙන් නුහුරු සද්ද සහ ජල උල්පත් ඇතිවීම නැතිවීම යන ලක්ෂණ දුටුවහොත් එම ස්ථානයන්ගෙන් වහාම ඉවත්වන ලෙසත් තවද නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොසිටින ලෙසයි.