පොලිසියටනම් සුබයි වගේ
අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී ඇත.
එම අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයෙහි වටිනාකම රුපියල් මිලියන 556ක් පමණ වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී මෙම උපකරණ තොගය සංකේතාත්මක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදුන් බවයි.
මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැයකර ලබාදුන් උපකරණ තොගය මෙය වන බව වාර්තා වේ.
ඒ අනුව රුපියල් මිලියන 365ක වටිනාකමින් යුත් පරිගණක 1,718, රුපියල් මිලියන 129ක වටිනාකමින් යුත් ඡායා පිටපත් යන්ත්‍ර 575ක්, රුපියල් මිලියන 45ක වටිනාකමින් යුත් වේගමාපක යන්ත්‍ර හා රුපියල් මිලියන 17ක වටිනාකමින් යුත් යු.පී.එස්. 1,750ක් පොලීසිය වෙත ප්‍රදානය කර ඇත.
මෙලෙස පොලීසියට අවශ්‍ය තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීම මගින් බලාපොරොත්තු වනුයේ ජනතාව උදෙසා කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කිරිමයි .