පොලිස්පතිගේ යුක්තියෙන් රැකියා රැසක් හිමි වූ හැටි.

Report

දිවයින පුරා ක්‍රියාත්මක "යුක්තිය" මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ "සුවසාර කැදැල්ල" වැඩසටහන පසුගියදා දේශබන්දු තෙන්නකෝන් ගේ සංකල්පයකට අනුව ආරම්භ වුණා.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.


එමෙන්ම එම වැඩසටහනට සමගාමීව පුනුරුත්ථාපනය වූ පුද්ගලයන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනක් බත්තරමුල්ල "අපේ ගම " පරිශ්‍රයේදී ඊයේ (15) පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා සිටියේ, යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ මෙරට තුළ අපරාධ ‍සියයට 23කින් අඩුවී ඇති බවයි,

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ගණන් අඩු කෙරේ.

ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ගණන් අඩු කෙරේ.


"මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය 90%ක් විනාශ කළා. මත්ද්‍රව්‍ය වැඩිම බස්නාහිර පළාතේ. නුගේගොඩ සහ ගල්කිස්ස මත්ද්‍රව්‍ය වැඩිම කොට්ඨාස. මේ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සංස්කෘතියක් ඇතිවෙලා. යුක්තිය මෙහෙයුම නිසා 23%කින් අපරාධ අඩුවෙලා. 50%කින් අපරාධ අඩු කිරීම අපේක්ෂාවයි."