කළුබෝවිල වෙඩි තැබීමක් - තුවාලකරුවන් රෝහලට

Report

පිළියන්දල වීරසිංහ මාවතේදී පොලිස් වෙඩි තැබීමක්: සැකකරුවෙකු කළුබෝවිල රෝහලට පිළියන්දල, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

අද (19) පෙරවරුවේ පිළියන්දල පොලිස් වසමේ විශේෂ සංචාරයක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකටයුතු පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.

දවස ආරම්භයට ප්‍රථම මේ ලග්න හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න - ග්‍රහචාර මාරුවක් සමඟ අද ලග්න පලාපල

දවස ආරම්භයට ප්‍රථම මේ ලග්න හිමියන් අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න - ග්‍රහචාර මාරුවක් සමඟ අද ලග්න පලාපල

එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සහ සැකකරුවන් පලායෑමට තැත් කිරීම හේතුවෙන් පොලිසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පිළියන්දල පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එක් සැකකරුවෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා පිළිබඳව සහ මෙම පුද්ගලයන් කුමන අපරාධයකට සම්බන්ධද යන්න අනාවරණය කර ගැනීම සඳහා පිළියන්දල පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර තිබේ.

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක් - ගිනි නිවන හමුදාව වහාම එම ස්ථානයට

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක් - ගිනි නිවන හමුදාව වහාම එම ස්ථානයට