මොහුව කොහෙදිම හරි දැක්ක ද?. වහාම පොලීසිය ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTOS)

Report

පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිමක් සිදුකර තිබෙනවා.

මොහුව කොහෙදිම හරි දැක්ක ද?. වහාම පොලීසිය ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTOS) | Police Seek Public Assistance In Arresting Suspect

ඒ වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ය.

2024 නොවැම්බර් 10 වන දින යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් වෙතයි.

එහිදී ඔවුන්ව ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

උසස් පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් වහා විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

උසස් පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් වහා විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

අයවැය කීව දවසෙම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)

එම අපරාධය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වූයේ සැකකරු බටපොල පොලිස් වසමේ පන්සල පාර ඉදිරිපිට, පොල්හුන්නාව ලිපිනයේ පදිංචිකරුවෙකු බව ය.

එනම් වැල්ලගේ චමත් හර්ෂක පැතුම් නැමැත්කෙු බව පොලීසිය සදහන් කළේ ය.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.‍

ඒ අනුව යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අම්බලන්ගොඩ - 071 - 8591484

කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇල්පිටිය - 091-2291095

එම නිවේදනය පහතින්,

Gallery