වැලිකඩ පොලිස් පහරදීමෙන් මියගිය බ කියන නිමේෂ්ගේ සිරුරට පොලිස් ආරක්ෂාව

Police spokesman Badulla Murder Latest Headlines Sinhala news
By Akash Apr 11, 2025 03:47 PM GMT
Akash

Akash

Report

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයා ගේ මළ සිරුර මිහිදන් කළ ඔහුගේ නිවසට යාබද සුසානභුමියට ඊයේ (10) රාත්‍රියේ සිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩුවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මිය ගිය සත්සර නිමේෂ්ගේ මෘත දේහය යළි ගොඩ ගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස දුන් තීන්දුවක් අනුව මරණයට අවශ්‍ය ආරක්ෂාව සැපයීම සඳහා මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

රනිල් පුදුම වෙයි...පැය තුනෙන් වාර්තා... සිතාසිත් එවලා...!!!

රනිල් පුදුම වෙයි...පැය තුනෙන් වාර්තා... සිතාසිත් එවලා...!!!

බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ් සත්සර නමැති මෙම තරුණයා අප්‍රේල් මස 01 දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මිය ගොස් ඇති බවට ඔහුගේ මව වන ලේකම් වසම් ලියනගේ සමන්ති මහත්මිය කරන ලද පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් අදාල තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සහ පොලිස් අත්අඩංගුවට පත්වූ ආකාරය සම්බන්ධයෙන් පොලිසියට විසින් ලබාදී ඇති ප්‍රකාශ පරස්පර තාවයක් පවතින බව ඔහුගේ මව පවසනවා. ඒ සම්බන්ධයෙන් මෝසමක් මගින් එම මියගිය පුද්ගලයාගේ මව විසින් කරන ලද මෝසමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

ReeCha