වහාම ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි..!

By Sewvandhi Dec 14, 2024 05:06 PM GMT
Report

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් රැකියා ගිවිසුම් උල්ලංඝණය වන පරිදි කටයුතු කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්මික අංශයේ රැකියා වීසා මත ඊශ්‍රායලට පැමිණ ඇති ඔවුන් එම සේවා ස්ථානවලින් පැනගොස් බේකරිවල සේවය කරමින් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී ඇති බවයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.

හංවැල්ලම හුදෙකලා කරන බස් ලලිත්...

හංවැල්ලම හුදෙකලා කරන බස් ලලිත්...

තානාපතිවරයා පෙන්වාදුන්නේ, ඊශ්‍රායලය විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන රටක් වන බවයි.

විදෙස් ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීමෙන් පසු තමා පැමිණි විසා කාණ්ඩයෙන් වෙනත් විසා කාණ්ඩයකට මාරුවීමේ නීතිමය තත්ත්වයක් නොමැති බව ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර ඇත.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේ, සාත්තු සේවය සඳහා මීට වසරකට පෙර ඊශ්‍රායලයට පැමිණි ශ්‍රීලාංකික කාන්තාවක් ද සේවා කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවයි.

ගුල්ලෝ ගැසූ හාල් ගැන ගත් අලුත්ම තීරණය..!

ගුල්ලෝ ගැසූ හාල් ගැන ගත් අලුත්ම තීරණය..!

මීට පෙර ද සොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි.