පොලිසියෙන් බොරැල්ලේදී වෙඩි තැබීමක් - කඩු සමඟ 5ක් මාට්ටු
බොරැල්ල - සහස්පුර , වේළුවන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රි රෝද රථයකට පොලිසිය වෙඩි තබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මෙම ත්‍රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම මෙලෙස අණ නොතකා ධාවනය කර ඇතැයි පොලීසිය පැවසීය.
ත්‍රිරෝද රථය තුළ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති අතර, කඩු 3ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් කොළොන්නාවේ පදිංචිකරුවන් බව ද පොලීසිය පැවසීය.