ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ඒවයින් අයින් කරානේ.. දැන් කරන්න යන දෙය මෙන්න..

Report

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1,000 කට අධික පිරිසක් දිවයිනපුරා පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

ඒ අනූව ඉදිරි දින කිහිපයේදී එම කාර්ය සිදු කරන බව සඳහන් වේ.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.

ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.


ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේ වන විට ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරී ගිනි අවි බාර දෙමින් සිටින බව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි එම පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි බව වාර්තා වේ.

වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර අදාල පොලිස් ස්ථානවලට යෙදවීමට නියමිත බවයි.

අද රෑ වෙන දෙය.. හැබැයි පරිස්සමෙන්.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

අද රෑ වෙන දෙය.. හැබැයි පරිස්සමෙන්.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින එම කොට්ඨාසයේ අනෙකුත් නිලධාරීන් ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් (24) කැඳවීය.

මේ අකාරයට ප්‍රභූ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,300 කට අධික සංඛ්‍යාවක් යොදවා සිටි බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ ය.

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..

වහාම, හෙටින් අවසන් වෙයි.. ගෙවලා නැත්නම් පොලියත් එක්කම ගෙවන්නයි වෙන්නෙ?..


කෙසේ වෙතත්, ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් හා මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කර තිබෙන බව සඳහන් වේ.