ගල්කිස්ස සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ සිදුවූ බව කියන පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට (13) දින රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
එම සිදුවීමේදී පොලීසිය නිසි ලෙස ක්‍රියා කළේ ද යන්න පිරික්සීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කටයුතු භාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා තවදුරටත් අදහස් දක්වමින්,
"හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනු ලැබේ. ඒ සඳහා නීතිපතිවරයාගේ මැදිහත්වීම ඇතිව, ඔහුගේ සහාය ලබා ගනිමින් රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව"