පොලිසිය වාහන සෝදිසියේදී බෑගයකින් නයෙක් මතුවෙයි. - තරුණයින් ඉබේ එළියට පනියි. ඒක අයෙක් ක්ලාන්ත වෙයි.
පොලිසියෙන් රාත්‍රියේ කළ වාහන සෝදිසියක් නිසා මෝටර් රථයක ඩිකියේ රිංගා ගමන්ටලු අතර සිටි දැවැන්ත නාගයකු දෂ්ට කිරීමට තිබූ අනතුරකින් තරුණයන් සිවු දෙනෙකු බේරාගැනීමට රත්නපුර පොලිසියේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
රාත්‍රී කාලයේ හදිසි රථවාහන සෝදිසි කිරීම් පොලිස්පතිවයාගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් මත මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවල සිදු කරනු ලබනවා.
පසුගිය 29දා අලුයම එකට පමණ වනවිට රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ වෙරලුප හන්දියේදී රත්නපුර පොලිසියේ ජංගම පොලිස් මුර කණ්ඩායමක් වාහන සෝදියක නිරතවිය. පැයක කාලයක් ඇතුළත කොළඹ දෙසට ධාවනය වු වාහන පහක් සෝදිසියට ලක් කරනු ලැබුවා.
පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා වූයේ උපපොලිස් පරීක්ෂක වඩුගේය. වාහන පහක් පරීක්ෂා කළ පසු, රාත්‍රියේ නිරීක්ෂණ සටහන් කළයුතු ස්ථාන කරා යමුයැයි සෙසු කණ්ඩායම යෝජනා කළ ද ටික වෙලාවක් සිටින විට කොළඹ දෙසට එමින් තිබූ කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් නැවැත්විය.
සැරයන් (47480) ජනක සහ කොස්තාපල් (106212) සේනානායක වාහනයේ රියදුරු වෙත ගොස් රිය බලපත් සහ ආදායම් සහතික රක්ෂණ සහතික පරීක්ෂා කළ අතර වාහනය ඇතුළත බලනවිට දුම්වැටි දල්වාගෙන කොණ්ඩ වවාගෙන තරුණයින් සිව්දෙනෙකු සිට ඇත.
ඔවුන් පවසා ඇත්තේ, කතරගම වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා යන ගමන් බවත්, තණමල්විල, උඩවලව හරහා ආපසු එන ගමන් බවත්ය.
වාහනය පරීක්ෂා කිරිමට වාහනයෙන් බසින ලෙස පොලිසියෙන් උපදෙස් දුන්නද දුරගමනක වෙහෙස නිසා තරුණයන් වාහනයෙන් බැස්සේ හිතෙන් පොලිසියට දොස් තබමින්.
කෙසේ වෙතත් වාහනය ඇතුළත කිසිදු සැකකටයුතු දෙයක් නොවූ අතර තරුණයන් තිදෙනෙක් මෝටර් රථයට යළි ගොඩවුණා.
රිය පදවාගෙන ආ තරුණයාට පොලිසිය උපදෙස් දුන්නේ වාහනයේ ඩිකිය විවෘත කරන ලෙසයි.
එහිදී ඔහු ඩිකියේ ඇත්තේ ගමන්මලු සහ ආහාර ගැනීමට ගෙනා පිගන් කෝප්ප බව නුරුස්සනා ස්වරූපයකින් පවසමින් ඩිකිය විවෘත කළ අතර පොලිසිය ඩිකිය ඇතුළට විදුලි පන්දම අල්ලා නිරීක්ෂණ කරන විට ගමන් මලු අතරේ වැඩුණු සර්පයෙකු දැක තිබෙනවා.
ඩිකියේ සර්පයෙකු දාගෙන යන්නේ ඇයි ද යන්නයි පොලිසිය විමසූ අතර විදුලි පන්දම් එළියෙන් ඒ නාගයෙකු බව පැහැදිලි විය.
එය ඇසුණු මෝටර් රථයේ වාඩි වී සිටි තරුණයෝ තිදෙනා මෝටර් රථයෙන් බැස්සා නොව ඉබේ එළියට පැන ගත් අතර එහිදී ඔවුන් කියා සිටියේ මෙවැන්නක්,
“සර් අපි තණමල්විලයි උඩවලවයි අතර ඉරිගු කඩයක් ළඟ නවත්වලා කාර් එකේ පසුපස කැලේ පැත්තට හරවා නවත්වලා එතන තිබුණ ලැලි බංකු උඩ වාඩිවෙලා, ගිමන් අරින ගමන් ඉරිඟු කැවා. කාර් එකේ ඩිකිය ඇරලා තිබුණේ. ඊට පස්සේ අපි ඩිකිය පරීක්ෂා නොකර වහල පිටත්වුණා. කොහෙවත් නැවැත්තුවෙ නෑ. සර්ලා තමා නැවැත්තුවේ"
කෙසේ වෙතත් බෑග් අතර සිටි නාගයා දුටු තරුණයෙක් ක්ලාන්ත දමා ඇති අතර පසුව අඩි හතරක් පමණ වූ දැවැන්ත නාගයා ඉවත් කර පරිසරයට මුදා හැරීමට කටයුතු කර ඇත.