පොලිස් කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න
සංවිධානාත්මක සමාජ මාධ්‍ය ප්‍රචාර රැල්ලකින් පසු, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ඊට විරෝධය පළ කරමින් ඉල්ලා අස්වීමේ ලිපියක් යවා ඇති බව වාර්තා වේ.
පොලිස් සේවාවේ ස්වාධීනත්වය සහතික කිරීම සඳහා උසස්වීම් සහ මාරුවීම් අනුමත කිරීමේ වගකීම දරන මෙම කොමිසම, ඇතැම් පාර්ශ්වයන් සමඟ එකඟ නොවීම්වලට මුහුණ දී ඇත.
ඇතැම් උසස්වීම් සහ මාරුවීම්වලට බාධාකරුවෙකු ලෙස මෙම සාමාජිකයාව ඇතැම් පාර්ශ්වයන් විසින් සලකනු ලැබ ඇත.
ඒ හේතුවෙන්, එම සාමාජිකයාට එරෙහිව සයිබර් හිරිහැර කිරීම් සහිත සමාජ මාධ්‍ය ට්‍රොල් රැල්ලක් ඇතිව ඇති බව වාර්තා වේ.