සීදුව සමාජ ශාලාවකට එල්ල කිරීමට තිබූ බෝම්බ ප්‍රහාරයක් වළක්වයි - සැකකරුවන් අත්අඩංගුවට

Report

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසන පරිදි සීදුව පොලිස් වසමේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානම් වූ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආයතනයේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද්දේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුවයි.

මූලික විමර්ශනවලදී, අත්අඩංගුවට ගත් කළමනාකරු මීගමුව අධිකරණයේ විභාගවන නඩු දෙකක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයෙකි යැයි අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

වාහන පිළිබඳ අසුභ ආරංචියක් - පොඩි වාහනවල මිල අඩු වෙයිද?

වාහන පිළිබඳ අසුභ ආරංචියක් - පොඩි වාහනවල මිල අඩු වෙයිද?