ජීවිත 17ක් අනතුරේ දැමූ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි තබයි..

Report

‍සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට සූරියවැව පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ලුණුගම්වෙහෙර සිට සූරියවැව බලා ධාවන වූ ලොරි රථයක් සූරියවැව ප්‍රදේශයේ දී පරික්ෂා කිරීම සඳහා නතර කරන ලෙස පොලීසිය විසින් කළ නියෝගය නොතකා ධාවනය කිරීමේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

එහිදි ලොරි රථයේ ටයරයට වෙඩි වැදීමෙන් පසු එය නතර වී තිබෙනවා.

පොල් මිලේ ඉහළ යෑම දෙව්ලොවටත් දැනෙයි..සිදු වූ දේක තරම මෙන්න.

පොල් මිලේ ඉහළ යෑම දෙව්ලොවටත් දැනෙයි..සිදු වූ දේක තරම මෙන්න.


එම අවස්ථාවේ ලොරි රථයේ සිටි රියදුරු සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ලොරි රථය තුළ ගවයින් 17 දෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.