බැංකු ගිණුමේ තිබ්බ ලක්ෂ 50ක් නැති වෙලා.. ඇඟ කිළිපොලා යන දෙයක් වෙලා.. බැංකු ගිණුම ආරක්ෂිත ද?.

Report

බැංකුවක තැන්පත් කර තිබූ, රුපියල් ලක්ෂ 50ක මුදලක් එම බැංකුවේම කළමනාකාරවරිය සහ ලිපිකාරිනියක එක්ව ව්‍යාජ ලේඛන සකසා සොරකම් කළ පුවතක් පිළිබඳව තොරතුරු බදුල්ල පස්සර ප්‍රදේශයෙන් වාර්තා වේ.

බැංකු ගිණුමේ තිබ්බ ලක්ෂ 50ක් නැති වෙලා.. ඇඟ කිළිපොලා යන දෙයක් වෙලා.. බැංකු ගිණුම ආරක්ෂිත ද?. | Police Arrested Two Women At Passara

ඒ මවක සහ පුත්‍රයෙකු විසින් දැමූ බද්ධ ස්ථිර තැන්පතු ගිණුමක මුදල් ය.

මෙම වංචාව සම්බන්ධයෙන් පස්සර ප්‍රදේශයේ සමූපකාර බැංකුවක කළමනාකාරවරිය සහ ලිපිකාරිනිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පැවසීය.

ඒ පස්සර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ සහ ඇයගේ පුතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් දිවි සරි කරගන්නේ ගම්මිරිස් වගාව ඇතුළු තවත් භෝග කිහිපයකින් ලැබෙන ආදායමෙන් තැන්පත් කළ මුදල් ය.

එම පුද්ගලයා සහ ඔහුගේ මව වගාවෙන් උපයාගත් මුදල් එම බැංකුවේ බද්ධ ස්ථිර ගිනුමක් අරඹා විටින් විට තැන්පත් කර ඇත.

වසර කිහිපයක් ඇතුළත එම ගිනුමේ ශේෂය රුපියල් ලක්ෂ 50ක සීමාවට පැමිණ තිබූ බව සඳහන් වේ.

අනතුරුව නිවසේ ප්‍රතිස්ංසරණයක් සඳහා පසුගිය දිනෙක එම ස්ථාවර තැන්පතුව ඇපයට තබා රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ බැංකුවේ කළමනාකාරවරිය ඇතුළු නිලධාරීන් පවසා ඇත්තේ, එම ගිනුමේ මුදල් නොමැති බව ය.

මේ සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකාරවරිය ඇතුළු නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එම නිලධාරීන් තමන් සමච්චලයට ලක් කළ බව එම පුද්ගලයා සහ ඔහුගේ මව සඳහන් කර තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විශේෂ දැනුම්දීමක් මෙන්න - ඒ මෙන්න මේ දේ ගැනයි.. (PHOTOS)

මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකින් විශේෂ දැනුම්දීමක් මෙන්න - ඒ මෙන්න මේ දේ ගැනයි.. (PHOTOS)


මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් විමර්ශන ආරම්භ විය.

ඉන් අනාවරණ වී ඇත්තේ අදාළ සමූපකාර බැංකුවේ කළමනාකාරවරිය සහ ලිපිකාරිනිය අදාළ ලක්ෂ 50ක මුදල ව්‍යාජ අත්සන් යොදා අවස්ථා කිහිපයක දී ලබා ගෙන ඇති බව ය.

ඒ සඳහා ඔවුන් සැකසූ ව්‍යාජ ලේඛන ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පසුව ඔවුන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.