බීමත් රියදුරන්ට වැඩ වරදී, 422ක් අත්අඩංගුවට

Report

පොලීසිය විසින් දෛනිකව සිදුකරන සෝදිසි මෙහෙයුම් අනුව ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 27,430 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කර තිබේ .

  පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනුයේ එම සෝදිසි මෙහෙයුම් මඟින් සැක පිට පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

තවද, වරෙන්තුකරුවන් 309 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ද මෙම සෝදිසි මෙහෙයුම් මඟින් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

හිටපු නි. පොලිස්පතිට කඩුව පෙන්නලා බිහිසුණු අපරාධයක්

හිටපු නි. පොලිස්පතිට කඩුව පෙන්නලා බිහිසුණු අපරාධයක්

මෙම සෝදිසි මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ තවද අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යටතේ රියදුරන් 79 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ වගේම වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,826 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.  

ඇමරිකානු ප්‍රවෘත්ති නිවේදිකාවකගේ මව අතුරුදන්, FBI විමර්ශන

ඇමරිකානු ප්‍රවෘත්ති නිවේදිකාවකගේ මව අතුරුදන්, FBI විමර්ශන