"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...
දේශපාලන හේතු මත කිසිදු පොලිස් ස්ථානාධිපතිවරයෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර නොමැති බව පොලීසිය පවසයි.
දීර්ඝ කාලයක සිට පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුකිරීම් සිදුකර නොතිබූ පසුබිමක මෙම මාරුකිරීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
එමෙන්ම ඇතැම් නිලධාරීන්ගේ කාර්ය සාධනය නොමැති කමද මෙලෙස ස්ථාන කිරීමට හේතු වූ බව ඔහු පැවසීය.
"මේක දැනට කාලයක ඉදන් කරන්න හිටපු දෙයක්. අවුරුදු තුනකින් විතර මාරු කරලා නෑ. මෙතන කිසිම දේශපාලනයක් නෑ. ඇතැම් නිලධාරීන් අපි සාමාන්‍ය රාජකාරීවලට යොදවල තියෙනවා. ඇතැම් නිලධාරීන්ට හොඳ ස්ථාන ලබා දීලා තියනවා. කාටවත් කියන්න බෑ මේකෙ දේශපාලනය තියනවා කියලා. අපි මේ මාරු කරපු අයගේ කාර්ය සාධනය බලනවා වසරක් යනකල්. ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා. පොලිස් කොමිසමත් කිහිපවතාවක් අපෙන් ඇහුවා, මේ මාරු කිරීම් ගැන. ඒ අයගේ අනුමැතියට යටත්ව තමයි කරලා තියෙන්නෙ."
මෑත ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් එකවර ඊයේ (11) රාත්‍රියේ දී ස්ථාන මාරුකිරීම් සිදුකළ අතර එම සංඛ්‍යාව 139කි.
එයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 104ක් සහ පොලිස් පරීක්ෂකවරු 35ක් ඇතුළත්ය. මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි 13 වෙනදා සිට සහ 18වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ නිලධාරීන් 51ක් සාමාන්‍ය සේවයට යොදවා තිබේ.
මූලස්ථාන පොලිස් පරීක්ෂකයෙක් ලෙස සේවය කළ නිලධාරියෙකු ද සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇති බව සඳහන්ය.
You may like this video