පෝලන්තයේ සිට පළමු ගුවන්යානය කටුනායකට

Report

පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම ගුවන් යානය (Inogaral Flight) ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ

ශීත ඍතුව වෙනුවෙන් එම ගුවන් යානය මෙරටට පැමිණේ .

ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට (Smart Wings)අයත් 3 Z- 7648 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ .

මෙම පළමු ගුවන් ගමන සඳහා බෝයිං - 737 වර්ගයයේ ගුවන්යානයක් යොදවා තිබූ එහි ගුවන් මගීන් 180 දෙනෙකු මෙන්ම කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ ඇත.

මින් පසුව මෙම පෝලන්ත ස්මාර්ට් වින්ග්ස් ගුවන් යානා සතියකට එක් වරක්, එනම් සෑම අඟහරුවාදා දිනකම, එළැඹෙන 2026 වසරේ මාර්තු මස 15 දින තෙක් පැමිණීමට නියමිතව ඇත.

අද ඉඳලා කොළඹින් එන අයට සතුටු හිතෙන විශේෂ දැනුම්දීමක්

අද ඉඳලා කොළඹින් එන අයට සතුටු හිතෙන විශේෂ දැනුම්දීමක්

ඒවගේම මෙම ගුවන් යානය පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත වේ. තවද මෙම ගුවන්යානයේ මඟින් පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ තීර, සීගිරිය, දඹුල්ල, මහනුවර, නුවරඑළිය සහ යාල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ සංචාරක සමාගමේ නිලධාරීන් විසින් මෙසේ පැමිණි පෝලන්ත සංචාරයකයන් පිරිස උත්කර්ෂවත් ලෙස කටුනායක ගුවන්තොටුපොළ තුළ දී පිළිගෙන තිබේ  .

උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්

උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්