කොළඹ ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය අගමැතිනිය අතින් විවෘත වෙයි

Report

​ගංගාරාම විහාරවාසී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කළ කොළඹ ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. අනතුරුව ගංගාරාම විහාරය පරිශ්‍රයේ පැවති දන්සැල විවෘත කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වූවාය.

ඊයේ (31) පස්වරුවේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝද පිරිවෙන් විහාරස්ථානයේ පැවති ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වූවාය. විහාරස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, ධර්ම ශාලාවේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ උදෙසා ගිලන්පස පූජා කළාය. ඉන්පසුව මහජනතාවට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ප්‍රදර්ශනය විවෘත කෙරිණි.

 මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරාධිපති පූජ්‍ය දොඩම්ගොල්ලේ පඤ්ඤානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන කොටිකාවත්ත - මුල්ලේරියාව වෙසක් කලාපයද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහිදී යමාමහ පෙළහර ඇසුරෙන් කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබූ වෙසක් තොරණ අග්‍රාමාත්‍යතුමිය විසින් ආලෝකමත් කරනු ලැබීය.

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

එක්සත් වෙළඳ සංගමයේ අනුග්‍රහයෙන් පැවති මෙම උත්සවයට සමගාමීව, කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය සහ කොලොන්නාව නැගෙනහිර හා බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලය සංවිධානය කළ බොදු බැති ගී සංදර්ශනයක්ද පැවැත්විණි.

​මෙම අවස්ථාවන් සඳහා මහාසංඝරත්නය, අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ, සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි යන මහත්වරුන්, විදේශ තානාපතිවරුන්, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

දිස්ත්‍රික්ක රැසකට වැසි සහ අකුණු අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක රැසකට වැසි සහ අකුණු අනතුරු ඇඟවීම්