වාමාංශික දේශපාලනයේ වාසුදේවගේ භූමිකාව ගැන පොත එළිදැක්වීමේදී හරිනි කතා කරයි

Report

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූ අතර, එහිදී වාසුදේව නානායක්කාර මහතා ශ්‍රී ලාංකික දේශපාලනයට සිදු කළ සේවය සම්බන්ධයෙන් ඇය අදහස් පළ කළාය.

“වාසුදේව නානායක්කාර කියන්නේ අපේ ශ්‍රී ලාංකික දේශපාලනයේ චරිතයක්. විශේෂයෙන්ම වාමාංශික දේශපාලනය තුළ මං හිතන්නේ එහෙම චරිත බොහොමයක් හිටියා. ඒ ඉතිහාසය තමයි අපිට තියෙන්නේ. ලාංකික දේශපාලනය තුළ වාමාංශික දේශපාලනයේ බලවත් බලපෑමක් තිබ්බා. අපේ රට අද මේ තැනට ගේන්න. ඉතින් ඒ ගමනේ චරිතයක් හැටියට තමයි මම වාසුදේව නානායක්කාර මහත්මයා දකින්නේ. අපි එකඟ වෙච්ච තැන් තිබ්බා. එකඟ නොවිච්ච තැන් තිබ්බා. දේශපාලනිකව අපි වෙනස්වුණු තැන් තිබ්බා. හැබැයි ඒ චරිතයට සහ වාමාංශික දේශපාලනයට ඔහු කරපු සේවයට හැමදාම ගරුත්වයකුත් තිබ්බා. මම පාර්ලිමේන්තුවේ 2020 එනකොට ඔහුත් හිටියා. යම් කාලසීමාවක, ඇත්තටම ඔහු අසනීප වෙන මොහොතට කලින්ම අපි එක පේළියේ වාඩි වෙලා හිටියා. ඉතින් ඔහුගේ දේශපාලන ජීවිතය ගැන, ඉතිහාසය ගැන රසවත් කතා බොහොමයක් මාත් එක්ක බෙදාගත්තා. ඉතින් මං හිතනවා, ඒවා සමහරක් මේ පොතේත් ඇති කියලා. ඉතින් මෙවැනි චරිත ගැන අනාගත පරපුරුත් දැනගන්න ඕනෑ. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකික දේශපාලනය තුළ බලපෑමක් කළ එවැනි චරිතයකගේ පොතක් එළිදැක්වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.”      

ශ්‍රී ලංකාවට තවත් ගිනි ගෙඩියක් - ඇමරිකා ඉරාන යුද ගැටුම් මැද ඉරාන තෙල් ටැංකි 11 ක බලඇණියක්ම ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදේ නවතියි

ශ්‍රී ලංකාවට තවත් ගිනි ගෙඩියක් - ඇමරිකා ඉරාන යුද ගැටුම් මැද ඉරාන තෙල් ටැංකි 11 ක බලඇණියක්ම ශ‍්‍රී ලංකාව ආසන්න මුහුදේ නවතියි

වහාම ක්‍රියාත්මක පරිදි තිරිගු පිටි මිල ඉහළට - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි තිරිගු පිටි මිල ඉහළට - නව අගයන් මෙන්න