අගමැතිනිය මැනිලා නුවරට ළඟාවේ - පිළිගැනීමට නායකයන් රැසක්

Report

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව පිලිපීන සංචාරයක යාම සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමේ අවස්ථාවේදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතාද සහභාගී විය. සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මැනිලා හි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය ලබාදීමට නියමිත ය.

අද විදුලිය නැති වෙයිද? CEB වර්ජනයෙන් රට කම්පනයට

අද විදුලිය නැති වෙයිද? CEB වර්ජනයෙන් රට කම්පනයට

එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍යවරිය පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය උනන්දුවක් සහ සහයෝගීතාවය පවතින ක්ෂේත්‍ර හරහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ අවධානය යොමු කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි