#KING KOHLI නාමාවලිය නැවතත් සනාථ කළ කෝලි.

Report

ඉන්දියානු IPL ඉතිහාසයේ නව වාර්තාවක් සනිටුහන් කිරීමට කඩවසම් සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සමත් වී තිබෙනවා.

මොහු මේ වනවිට IPL ඉතිහාසයේ වැඩිම ශතක රැස් කල ක්‍රීඩකය වන අතර කෝලි මේ වනවිට ක්‍රිස් ගේල් ගේ ශතක හයක් සම කිරීමට සමත් වී තිබෙනවා.

ඊයේ දින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රබාද් අතර පැවති තරඟයේදී පන්දු 63කදී ලකුණු 100ක් රැස් කිරීමට විරාට් කෝලි සමත්වුණා .

එම තරඟයේදී විරාට් පෑ මෙම දස්කම් ක්‍රියාව නිසා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා යෑමට හැකි වූ බව කිව හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW