දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කිරීමට සැලසුම්
ඉදිරි යල කන්නයේදී දකුණු පළාතේ පුරන් වූ කුඹුරු අක්කර 17000ක් නැවත වගා කිරීම සඳහා සුලසුම් කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි.
මායිම් ගැටළු,නඩු හබ,නොමැති පුරන් කුඹුරු මේ වන විට හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් විශාල මුදලක් වෙන් කොට ඇති බව ද සඳහන් කළේය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“පුරන් කුඹුරු අක්කර 17,000ක් හඳුනාගෙන තියෙනවා.
එම පුරන් කුඹුරු නැවත වගා කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට සකස් කොට තිබෙනවා.
පුරන් කුඹුරු වල දත්ත ලිපිගොනු වල පමණක් තිබිලා වැඩක් නෑ” යනුවෙනි.