වාර්තාව මැති සබයට... රනිල්ට විලංගු වැටෙන ලකුණු? (VIDEO)
මෙම සතියේදී පාර්ලිමේන්තුවට බටලන්ද කොමිෂන් සභාව වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.
කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.