ගංවතුර නිසා ගොඩගැසුණු කොළඹ කසළ දින 10කින් ඉවත්කිරීමට සැලසුම්
මෙරටට බල පෑ අයහපත් කාලගුණය නිසා මතු වූ ගංවතුරට හේතුවෙන් කොළඹ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති කසළ දින 10ක් පමණ කාලයක් තුළ සම්පූර්ණයෙන් ඉවත්කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා සදහන් කර තිබේ.
කොළෙන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ එක්රැස්වී ඇති බව එතුමා සදහන් කර තිබේ.
තවද ඒවා දින 2කින් පමණ ඉවත්කිරීමට හැකියාව ලැබෙනු ඇති බව තිලක් හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. තවද එතුමා සදහන් කළේ කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල ටොන් 10,000ක, 12,000ක පමණ කසළ එක්රැස් වී තිබෙන බවයි.
මේ සම්බන්ධව අදහස් දැක් වූ එතුමා සදහන් කළේ මෙවන් අදහසක්
"මේ වනවිට බස්නාහිර පළාත් අධිකාරිය විසින් දිනකට ලොරි 100ක් විතර යොදවලා ඉතාමත් සාර්ථක මෙහෙයුමක් කරනවා. මං හිතන්නේ ඔවුන් දින 10ක් විතර කාලයේදී මේ සියල්ලම ඉවරකරයි. නමුත් මේ කසළ ජනනය වන එක නිතරම සිද්ධ වෙනවා. මොකද තවමත් සමහර ගෙවල්, ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. මේක ආපදාවෙන් පස්සේ ආපු ආපදාවක්"