පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..
ජනප්‍රිය නිළි පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, සැක කටයුතු අන්දමින් කෝටි ගණනක දේපළ උපයාගත් බවට සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි පැවසෙන්නේ.
පියුමි හංසමාලි රාජ්‍ය හා පෞද්ගලික බැංකු නවයක පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් 19ක තොරතුරු ඉල්ලා තිබූ බවයි වාර්තා වන්නේ.
එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව, ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
එමෙන් ම නිරූපන ශිල්පිනියන්ගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභපතිවරයාගෙන් ද ප්‍රශ්න කර තිබුණා.
කෙසේවෙතත්, වාර්තා වන අන්දමට එහි සේවය කරන තවත් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.