ප්‍රහාරයට ලක් වූ අරගල ක්‍රියාකාරී පියත් නිකේෂල පොලිස් අත්අඩංගුවට.. (UPDATE)

Galle Face Protest Sri Lanka SL Protest Galle Face Green Protest
By krishani May 10, 2023 02:27 PM GMT
krishani

krishani

Report

UPDATE 

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂල අද (10) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී  පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මේ අතර, අද සවස පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධියට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


 

-----------------------------------------------------------------

"ගහන්න එපා මට දරුවෙක් ඉන්නවා.." - අරගල ක්‍රියාකාරිකයෙකුට මැර ප්‍රහාරයක්. (VIDEO)

අද (10) සවස, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දැමූ කඩුවෙල උප නගරාධිපතිවරයා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ පලකිරීම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය තමන්ට එල්ල කළ බව ප්‍රහාරයට ලක් වූ පියත් නිකේෂල පවසන්නේ. 

මේ අතර, මෙම ප්‍රහාරයට මන්නයක් ඇතුළු තියුණු ආයුධ භාවිතා කළ බවත් කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් සහභාගි වූ බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

දර්ශන අයිතිය - News Center Y-Tube Channel



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join