පියුමිගේ රූපලාවන්‍ය භාණ්ඩ කූරියර් කළ ආයතනය CID යට පාට් දමයි? - CIDයත් දැඩි තීරණයක් ගනී.?

Report

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.


ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම ආරංචි මාර්ග පවසනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.

උද්දිකගේ රංගනය නිසා මෙන්න මේ රටවල් වලට යන්න හිටපු ලාංකිකයන්ට වීසා ප්‍රශ්නයක්. - සිදුවෙලා තියෙන දේ මෙන්න.


මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780 කට මිලකට මිලදී ගෙන ඇත.

මේ අතර පියුමි හංසමාලි විසින් කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන තිබුණා.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත් දා අධිකරණයෙන් අවසර ලැබුණා.