ඒ ගමන මොකක් ද?. වහා අද සිට.. සාමාන්‍ය පෙළ විභාගය ගැන තවත් දැනුම්දීමක් මෙන්න..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Latest Headlines Decision Making
By krishani Dec 20, 2024 11:29 AM GMT
krishani

krishani

Report

2025 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත “පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය - 2024 (2025)” සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

ඒ අනුව උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇත.

එමෙන්ම, පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු ය.

ලංකාවටම හිසරදයක් වුණ.. වන සත්ත්ව හානි.. ප්‍රබලයෙක් මැදිහත් වෙලා.. ලාල්කාන්තත් එක්ක සෑහෙන්න වෙලාවක් කතා කරලා..

ලංකාවටම හිසරදයක් වුණ.. වන සත්ත්ව හානි.. ප්‍රබලයෙක් මැදිහත් වෙලා.. ලාල්කාන්තත් එක්ක සෑහෙන්න වෙලාවක් කතා කරලා..

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, නිල වෙබ් අඩවිය https://www.doenets.lk/ වෙත පිවිස " අපගේ සේවා” යටතේ ඇති “Piriven Exam Information Center” මත Click කිරීම මඟින් හෝ https://onlineexams.gov.lk/eic/index.php/clogin/piriven වෙත පිවිසිය හැකිය.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇත.

කෙසේ වෙතත්, මාර්ගගත අයදුම්පත් භාර ගැනීම 2024 දෙසැම්බර් මස 20 දින පෙ.ව. 9.00ට ආරම්භ වන අතර 2025 ජනවාරි මස 15 දින ප.ව. 9.00ට අවසන් වේ.

You May Like This Video👇 

.

ReeCha