ලුණුවිල ඛේදවාචකයෙන් අවසන් ගමන් ගිය ගුවන් නියමුවාට උසස්වීමක්

Report

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් මිය ගිය ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ.

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බවයි.

පසුගිය දින (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වූ අතර එහි ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වින්ග් කමාන්ඩර්වරයෙකු වූ ඔහු වයස අවුරුදු 41 වියේ පසුවූ ගුවන් නියමුවෙක්.

ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්

ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරකින් ගුවන් නියමුවෙකු මරුට

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරකින් ගුවන් නියමුවෙකු මරුට

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි

අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි