අහස් කුසේදී සිදුවූ මහා විපතක් වළක්වාගත් වීරයා - මෝදි සහ නෙතන්යාහුගෙන් ඉන්දීය කැප්ටන්ට ඉහළම ප්‍රශංසා

Report

ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී සිය සහාය නියමුවා එල්ල කළ පිහි ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් පසුවත් යානයේ පාලනය යළි ලබාගැනීමට කටයුතු කළ කැප්ටන් ස්මිත් මච්චාර් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් “සැබෑ වීරයෙකු” ලෙස ඇගයීමට ලක් කර තිබේ.

ඔක්තෝබර් 1 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් මෝදි සඳහන් කළේ, “කැප්ටන් ස්මිත් මච්චාර් සැබෑ වීරයෙකි” යනුවෙනි. “අතිශය භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ අවස්ථාවකදී, බරපතළ ලෙස තුවාල ලබා සිටියද, අනෙක් පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඔහු දැඩි ධෛර්යයක් සහ නොසැලෙන අධිෂ්ඨානයක් පෙන්නුම් කළේය,” යනුවෙන් මෝදි පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මච්චාර්ගේ ක්‍රියාකලාපය මගීන් සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමටත් විශාල ඛේදවාචකයක් වළක්වා ගැනීමටත් උපකාරී වූ බවයි. “ඉන්දියාව කැප්ටන් මච්චාර් පිළිබඳව ආඩම්බර වේ.

ඔහු ඉක්මනින් සුවය ලබා, ශක්තිය යළි ලබාගෙන නිරෝගීව සිටිනු දැකීමට අපි ප්‍රාර්ථනා කරමු,” යනුවෙන් මෝදි සඳහන් කළේය. යානය අඩි 14,000ක් පහළට මෙම සිදුවීම සැප්තැම්බර් 30 වැනිදා Flydubai FZ1073 ගුවන් යානය තුළ සිදුව තිබේ.

මගීන් 174 දෙනෙකු රැගෙන ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ යානය, පසුව වයඹදිග සෞදි අරාබියේ ටබුක් නගරයට හදිසි ගොඩබෑමක් සිදු කළේය. වාර්තා වන පරිදි, යානයේ ගුවන් නියමු කුටිය තුළ සහාය නියමුවා විසින් කැප්ටන් මච්චාර්ට පිහියකින් පහරදී තිබේ.

ඉන් අනතුරුව යානයේ පාලනය සම්බන්ධයෙන් දෙදෙනා අතර අරගලයක් හටගෙන ඇත. යානය වේගයෙන් පහළට ඇද වැටෙමින් තිබියදී මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මැදිහත් වී ප්‍රහාරකයා ලෙස සැක කෙරෙන පුද්ගලයා පාලනය කර ගැනීමට සමත් වී තිබේ.

විදෙස් මාධ්‍යට අනුව   යානයේ පාලනය යළි ලබාගැනීමට පෙර තත්පර 30ක පමණ කාලයක් තුළ එය අඩි 14,000කට ආසන්න ප්‍රමාණයක් පහළට ඇද වැටී තිබේ. යානයේ සිටි තවත් Flydubai නියමුවන් දෙදෙනෙකුද පාලනය යළි ස්ථාවර කර යානය ආරක්ෂිතව ගොඩබෑමට සහාය වී තිබේ.

සිදුවීමට සම්බන්ධ නියමුවන් දෙදෙනාම පසුව රෝහල්ගත කර ඇත. Flydubai සමාගම ගුවන් නියමු කුටිය තුළ “ගැටුමක්” ඇති වූ බව තහවුරු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. නෙතන්යාහුගෙන්ද ප්‍රශංසා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුද කැප්ටන් මච්චාර් “සැබෑ වීරයෙකු” ලෙස හඳුන්වා තිබේ.

යානය බිම හෙළීමට උත්සාහ කළ බවට ඊශ්‍රායල නිලධාරීන් විස්තර කළ සිදුවීමකදී, පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුවත් යානයේ පාලනය යළි ලබාගැනීමට ඔහු කළ මැදිහත්වීම නෙතන්යාහුගේ ප්‍රශංසාවට ලක්විය.

නෙතන්යාහු පසුව ප්‍රකාශ කළේ, ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කෙරෙන සහාය නියමුවා ඕමාන ජාතිකයෙකු බවත්, ඔහු අත්අඩංගුවට ගෙන සෞදි අරාබියේදී ප්‍රශ්න කරමින් සිටින බවත්ය.

ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතරතුර Flydubai සමාගම ඊශ්‍රායලය වෙත සහ එරටින් පිටතට සිදුකරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.

පසුව මගීන් වෙනත් ගුවන් යානයකින් ඊශ්‍රායලය වෙත ගෙන යන ලදී. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ මගීන් තිදෙනෙකුට ප්‍රතිකාර ලබාදුන් බව ඊශ්‍රායල හදිසි සේවා අංශ සඳහන් කළේය. මේ අතර, ඊශ්‍රායල රජය නිවේදනය කළේ රටට පැමිණෙන සියලුම ගුවන් යානා පදවන නියමුවන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

සිදුවීමට හේතු වූ කරුණු, සහාය නියමුවාගේ ක්‍රියාකලාපයට බලපෑ හේතු සහ ගුවන් යානය තුළ සිදුවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා