TikTok තහනම් කරන මෙන් ඉල්ලා පෙත්සමක්..

By krishani Aug 20, 2023 05:10 PM GMT
Report

කෙන්යාව තුළ TikTok ජංගම දුරකථන යෙදවුම තහනම් කරන ලෙස ඉල්ලා එරට පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව රටේ සංස්කෘතිය විනාශවීමට සහ සදාචාරය නැති කිරීමට TikTok ප්‍රධාන දායකත්වයක් සපයන බව පෙත්සම්කරු එම පෙත්සම මගින් පාර්ලිමේන්තුවට පෙන්වා දෙයි.

එමෙන්ම රටේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට පවා TikTok යෙදවුම හරහා බලපෑම් එල්ල වී ඇති බවත් එබැවින් එය තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනම් පියවර ගත යුතු බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

එසේ නොවුනහොත් TikTok යෙදවුම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉන් බලපෑම් එල්ල වී මානසික ආතතිය වැනි රෝග සඳහා ද ඉන් මග පෑදෙනු ඇති බව අදාළ පෙත්සම්කරු එම පෙත්සම මගින් පාර්ලිමේන්තුවට පෙන්වා දී ඇත.