මහා මැතිවරණයේ දිනය වෙනස්වෙයිද..තීරණය අද..

Sri Lanka Supreme Court of Sri Lanka General Election 2024 Sri Lanka Parliament Election 2024
By Piyumika Nov 04, 2024 03:21 AM GMT
Piyumika

Piyumika

Report

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

සිවිල් සංවිධානයක් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවා.මහ මැතිවරණයේ දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවටයි එම පෙත්සමේ සදහන් කර ඇත්තේ.

ඊට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමට නියමිතයි.

ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදු කර ඇති සියලු‍ම කටයුතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවා.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසමෙන් කළ කරුණු දැක්වීමකට අනුවයි.

ReeCha