ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

Report

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

එහි දැක්වෙන්නේ පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක පමණක් මුද්‍රණය කර ඇති බවයි.කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

තමන් ඡන්දය ලබාදෙන පිළිගත් දේහපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ කතිර ලකුණ යෙදිය යුතු වනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි..

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි..

එමෙන්ම, අපේක්ෂකයන් තුන් දෙනෙකුට සිය මනාපය පළ කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.ඒ සදහා ඡන්ද පත්‍රිකාවේ එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර ලකුණ යෙදිය යුතු බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.