ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාගේ පෙත්සම විභාගයට අවසර

Olympic Academy Sinhala news
By Lakshika Apr 30, 2025 11:33 AM GMT
Lakshika

Lakshika

Report

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාගේ පෙත්සම විභාගයට අවසර

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාව වශයෙන් කටයුතු කළ මැක්ස්වල් ද සිල්වා මහතා එම තනතුරින් අත්හිටුවීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුනු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (30) නියම කළේය.

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

එහෙත් මැක්ස්වල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

තමන්ව එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ජූනි මස 12 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජූලි මස 14 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 04 වනදා පැවැත්වීමටද අධිකරණය විසින් දින නියම කළේය. පෙත්සම්කරු කියා සිටින්නේ, සිය තනතුරේ බලය අයුතු ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය තනතුර අත්හිටුවීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය.

එවැනි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් එබැවින් එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.


you may like this vedio

ReeCha