ජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උළෙල පැරෑලියේදී

Report

ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පවත්වන ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතව ඇත .

ඒ අනිද්දා (26) වනදා උදෑසන 8.30 සිට 11.00 දක්වායි.

2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000කට අධික පිරිසක් මියගිය අතර 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.

තවද සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම පිණිස දිවයින පුරා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. 

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න

මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න