මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ඇතුළත් කරයි

Report

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයද එම ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 2,000ක සමස්ත පිරිවැයෙන් රුපියල් මිලියන 800ක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ණය ආධාර මඟින් සහ ඉතිරි රුපියල් මිලියන 1,200ක මුදල දේශීය අරමුදල් මඟින් සපයා ගැනීමට නියමිතය.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ කාලසීමාව 2025 ජනවාරි 1 සිට 2027 අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීමටද මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ලබාදී තිබුණි.

නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට

නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයද ව්‍යාපෘතියට ඇතුළත් කරන ලෙස කළ ඉල්ලීමක් අනුව සිදුකළ ශක්‍යතා අධ්‍යයනයකදී, එය ව්‍යාපෘතියට එක් කිරීමේ හැකියාව පවතින බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මහනුවර නගරයේ අපජල කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය යටතට පේරාදෙණිය විශ්වවිද්‍යාලයද ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

නායයෑමේ බියෙන් ගැහෙමින් සිටි වතු ප්‍රජාවට නව බලාපොරොත්තුවක් සමග නිවාස ව්‍යාපෘතිය වැලිමඩින් ඇරඹෙයි

නායයෑමේ බියෙන් ගැහෙමින් සිටි වතු ප්‍රජාවට නව බලාපොරොත්තුවක් සමග නිවාස ව්‍යාපෘතිය වැලිමඩින් ඇරඹෙයි