127දෙනෙක් දිවි නසාගෙන..තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගන්න සුදනම්ලු..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka Latest Headlines
By Piyumika Nov 04, 2024 03:43 AM GMT
Piyumika

Piyumika

Report

ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී ඊයේ (3වැනිදා) පැවැති එම සංගමයේ රැස්වීමකදී සඳහන් කළේය. තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක සිටින බවද එහිදී අනාවරණය විය.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි..

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි..

දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයට සම්බන්ධ දිස්ත්‍රික්ක 17 ක නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඉදිකිරීම්, වැවිලි, සංචාරය, සහල්, කුකුළු ගොවිපළ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අයත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මීට සහභාගි වූහ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය සහ රටේ පැවැති මූල්‍ය අර්බුදය හමුවේ වසර හතරක පමණ කාලයක සිට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම විශාල ඇදවැටීමකට ලක් වුණා.

ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

නමුත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සහනයක් දීමට මෙතෙක් පැවැති කිසිදු රජයක් ක්‍රියා නොකළ බව ද චම්ලි කුමාරසිරි මෙහිදී අවධාරණය කළේය.

මෙම අර්බුදකාරි තත්ත්වය යටතේ ව්‍යාපාර සඳහා ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානවලින් එළියට ඇද දැමීම නිසා ඔවුන් අද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වී සිටින බවත්, පරාටේ නීතියට යටත් කළ කිසිම ව්‍යාපාරිකයකුට කොපමණ ඉල්ලීම් කළත් බැංකුවලින් සහනයක් නොලැබුණ බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

මහා මැතිවරණයේ දිනය වෙනස්වෙයිද..තීරණය අද..

මහා මැතිවරණයේ දිනය වෙනස්වෙයිද..තීරණය අද..

එබැවින් පසුගිය කාලයේදී සමස්ත රටටම මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයෙන් විපතට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින බවත්, චම්ලි කුමාරසිරි පැවැසීය.

දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ ජාතික සංවිධායක අනිල් නිරෝෂණ සහ එහි ලේකම් සාගරිකා වීරසිංහ ද මෙහිදී අදහස් දැක්වූහ.

ReeCha