ආයේ කවදාවත් මේ අයට විශ්‍රාම වැටුප් නැහැ

Report

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු, එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් 182ක් සිටින බව වාර්තා වී තිබේ.

ඒ අතර, විශ්‍රාම වැටුප අහිමිවන පිරිස අතර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වුණු පනහකට ආසන්න පිරිසක්ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී, මෙම අයට මුල් තනතුරේ විශ්‍රාම වැටුප මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ විශ්‍රාම වැටුපද අහිමිවී, කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති අය බවට පත්වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව, හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සතියේදී පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිඥයන් විසින් මෙහිදී තර්ක කරනු ලබන්නේ, විධායකයට අධිකරණය මඟින් විශ්‍රාම වැටුප් ලබාදෙන්නේ නම්, ව්‍යවස්ථාදායකයට පමණක් විශ්‍රාම වැටුප කප්පාදු කිරීම අසාධාරණ බවයි.

උසස් පෙළ එක් විෂයක් පිළිබඳව සිසුන්ට විශේෂ දැනුම්දීමක් - දැනගෙනම යන්න

උසස් පෙළ එක් විෂයක් පිළිබඳව සිසුන්ට විශේෂ දැනුම්දීමක් - දැනගෙනම යන්න

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද ඉදිරිපත් වේ. මෙම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කළේ මෙරට අධිකරණ පද්ධතියෙන් සාධාරණයක් නොලැබුණහොත් ජාත්‍යන්තර අධිකරණයට යාමටත් ඔවුන් සූදානම් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත අතර, පළමුවර කියවීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කර තිබේ.

රියදුරන්ට විශේෂ නිවේදනයක්- පොලිසියෙන් දැඩි තීරණ

රියදුරන්ට විශේෂ නිවේදනයක්- පොලිසියෙන් දැඩි තීරණ