ලද තොරතුරට කල වැටලීමේදී හමු වූ ඇස උඩ යන දේ ..

By Piyumika Sep 17, 2024 05:30 AM GMT
Report

මාතලේ, බලකඩුව ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ ගජමුතු සහ මුතුඇට විකිණීමට සුදානම් වන බවට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..

ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..

අදාළ තොරතුරට අනුව ක්‍රියාත්මක වු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරින් සිදු කල වැටළිමකදී ගජමුතු 02 ක් සහ මුතු ඇට 171 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගජමුතු සහ මුතු ඇට රුපියල් ලක්ෂ 60 කට අධික මුදලකට විකිණිමට උත්සහා කර ඇති බව පොලිසිය කල විමර්ශනයේදී අනාවරණ වී තිබෙන්නේ.

ජනසවිය,සමෘද්ධිය,අස්වැසුම සහනාධාර නවතා දැමීමට සැලසුමක් ?..

ජනසවිය,සමෘද්ධිය,අස්වැසුම සහනාධාර නවතා දැමීමට සැලසුමක් ?..

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30, 38, 39 හා 43 වයස්වල පසුවන ගුන්නෑපාන, යාල්වෙල, කොත්මලේ හා රිකිල්ලගස්කඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.