ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..
By Piyumika
පසුගිය වසරේ ජූනි 18 ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදෙන අතරතුරේ ව්‍යවසනකාරී ලෙස පිපිරී ගිය ටයිටන් සබ්මැරීනයේ සම්බන්ධයෙන් නැවතත් කථාබහක් ඇතිව තිබෙනවා.
ඒ එම සබ්මැරීනය අවසන්වරට නිකුත් කළ පණිවිඩය සම්බන්ධයෙන්. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ විමර්ශකයින් පැවසුවේ, සම්බන්ධතාව සදහටම නැතිවීමට පෙර නිකුත් වූ අවසන් පණිවිඩය මෙය බවයි.
එම අවසාන පණිවිඩය වූයේ "මෙතැන සියල්ල හොදින්" යන්නයි.
Titan එහි කිමිදීම දේශීය වේලාවෙන් 09:17ට ආරම්භ කළ අතර මව් නෞකාවේ සිටි සහායක කාර්ය මණ්ඩලය ගිල්විය හැකි ගැඹුර සහ බර මෙන්ම එහි අභ්‍යන්තර ප්‍රදර්ශනයේ නැව තවමත් දැකිය හැකිද යන්න පිළිබඳව විමසා සිටි අතර සන්නිවේදනය අවුල් සහගත වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.