‘සාමය ඇති විය යුත්තේ පළමුව තමා තුළින්මය’ – පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ

Report

ලෝක සාම පා ගමන ශ්‍රී ලංකාවට පිළිගැනීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට මෙන්ම සහය දැක්වු සියලුදෙනාට සිය ස්තූතිය පළ කරන බව පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ සදහන් කර තිබේ .

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අත්තනගල්ල රජමහා විහාරයේ දී ලෝක සාම පා ගමන පිළිබඳව අද (21) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි .

තවද මෙය හුදෙක් සාමය උදෙසා සිදු කරන පා ගමනක් පමණක් බව අවධාරණය කළ උන්වහන්සේ ලෝකවාසී සියලු දෙනාට සාමය වෙනුවෙන් එක් වන ලෙස එහිදී උන්වහන්සේ ඉල්ලීමක් කර ඇත.

සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට

සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට

තවද උනවහන්සේ පෙන්වා දුන්නේ වර්ෂ 2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ මෙම සාම ගමනට මේ වන විට මාස 6 ක් ගතවී ඇති බවයි.

ඒ   වගේම සාමය ප්‍රථමයෙන් ඇති කර ගත යුත්තේ තමා තුළින් බව පෙන්වා දුන් උන්වහන්සේ මෙම සාම පා ගමන සාමය ඇති කිරීම වෙනුවෙන් සිදු කරන පුහුණුවක් වන බවත් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ සදහන් කර තිබේ .