පැතුම් නිස්සංකගේ අපේක්ෂාව කියයි..

Report

ලොව හොඳම පිතිකරුවා බවට පත්වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සඳහන් කළේ ය.

පැතුම් නිස්සංකගේ අපේක්ෂාව කියයි.. | Pathum Nissanka

ඔහු මේ බව කියා සිටියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව, පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

එමෙන්ම, තමන් වැඩි කැමැත්තක් දක්වන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට බවත් ඔහු පැවසීය.

මෙම තරගාවලියේ පළමු තරගයේ දී පැතුම් නිස්සංක ද්විත්ව ශතකයක් වාර්තා කළේ ය.

තව ද ඔහු ඊයේ පැවති තරගයේ දී ශතකයක් වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව ඊයේ තරගයේ සහ තරගාවලියේ වීරයා බවට පත්වූයේ ද පැතුම් නිස්සංකයි.